එන්නත්කරණයෙන් පසු සෞඛ්‍ය උපදෙස් නොකඩවා පිලිපදින්න

Covid-19 Corona Vaccine
By Thaya Mar 06, 2021 06:17 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් මර්ධන එන්නත්කරණය සිදුකලද එමගින් කොරෝනා වසංගත තත්වය මුලුමනින්ම තුරන් කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීමෙන් පසුවත් මහජනතාව විසින් සෞඛ්‍ය උපදෙස් නොකඩවා පිලිපැදිය යුතු බවයි නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියේ.

මේ අතර දිවයිනේ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන්ද මහේන්ද්‍ර බාලසූරිය මහතා මෙලෙස අදහස් දැක්වූවා.