පැය 24ක් තුළ යානා 15කින් කරපු ගුවන් මෙහෙයුම

flight
By Thaya Mar 13, 2021 07:06 PM GMT
Thaya

Thaya

Report

ගත වූ පැය 24ක කාලය තුළ ගුවන් මගීන් 1,515 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සපයා දීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කටයුතු කර ඇත. ගත වූ පැය 24ක කාලය තුළ මගී ගුවන් යානා 30ක මෙහෙයුම් කටයුතු සිදු කර ඇති අතර ගුවන් යානා 15 කින් ගුවන් මගීන් 990 දෙනෙකු මෙම කාලසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . කටාර් රාජ්‍යයේ දෝහා සිට 98 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 96 දෙනෙකු ද පැමිණ සිටි ගුවන් මගීන් අතර විය . පැමිණි ගුවන් මගීන් සියලුම දෙනා නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබේ.

තවත් ගුවන් මගීන් 525 දෙනෙකු ගුවන් යානා 15 කින් විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ. ඒ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 109 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 90 දෙනෙකු ද පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. කිලෝ ග්‍රෑම් 99,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ආනයන ලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබූ අතර , තවත් කිලෝ ග්‍රෑම් 136,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් අපනයන ලෙස කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා රැගෙන ගොස් තිබේ. මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 113 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.