කඩු රැගෙන 05ක් පැමිණ පාසල් ගුරුවරයකු කපා කොටා යයි.

Police Jaffna
By Thaya Mar 05, 2021 07:38 PM GMT
Thaya

Thaya

Report

කඩු රැගෙන පැමිණි පිරිසක් යාපනයේ පාසල් ගුරුවරයෙකුට පහර දී කඩු වලින් කැපීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා ඊයේ (04) රාත්‍රී යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට තිබෙනවා. යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේදී මෙම සිදුවීම එදින රාත්‍රී 9.30 ට පමණ සිදුව තිබෙනවා. යතුරු පැදිවලින් පැමිණි පස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් ගුරුවරයාට පහර දී පසුව කඩු වලින් කපා කොටා තුවාල සිදු කොට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර ගුරුවරයාට එසේ කිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ. මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ යාපනයේ පාසලක සේවයකරන ගුරුවරයෙකි. යාපනයේ තෙලිප්පලෙයි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ සිදු කරනු ලබනවා