අද පළමු වතාවේම ආසාදිතයන් විශාල ප්‍රමාණයක්

Corona Virus
By Thaya Jan 09, 2021 05:52 PM GMT
Report

අද (09) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 297ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 279ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 18ක් වශයෙන් හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 47,602කි