පළමු වානිජ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට

Airport
By Thaya Jan 21, 2021 02:09 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාව යළි වානිජ ගුවන් ගමන් සදහා විවෘත කිරීමෙන් පසුව පැමිණෙන පළමු වානිජ ගුවන් යානය 01/21 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව 01/21 දින උදෑසන 7.40 ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් යානය තුළ ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු පැමිණ තිබූ අතර , ඔවුන් නීරෝධායනය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රැගෙන යෑමට පියවර ගෙන තිබේ එහිදී ඔවුන්ගේ පී.සී.ආර්.පරීක්ෂණ ඔවුන් රැදී සිටින නීරෝධායන මධ්‍යස්ථානයේ දී සිදු කිරීමට නියමිතය .

මෙසේ වානිජ ගුවන් ගමන් ආරම්භ වීම නිසා යළිත් සාමාන්‍ය ගුවන් ගමන් ගාස්තු යටතේ ගුවන් ගමන් පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ගුවන් මගීන් හිමි වී තිබේ මීට පෙර කොරෝනා ආසාදිත සමයේ ගුවන් තොටුපළ වසා තිබූ සමයේ විශේෂ ගුවන් යානා පමණක් ක්‍රියාත්මක වූ අතර , ඒවායේ ගුවන් ගමන් ගාස්තු බෙහෙවින් ඉහළ මට්ටමක පැවතුනි .