හුදකලා කෙරෙන ප්‍රදේශවල ජිවත් වන ජනතාවට මූල්‍යාධාර සැපයීම

covid19 prime minister isolated areas financial assistance
By Sewvandhi May 12, 2021 10:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ හුදකලා කෙරෙන ප්‍රදේශවල ජිවත් වන ජනතාවට මූල්‍යාධාර සැපයීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමුවී තිබෙනවා.

එමෙන්ම, කොවිඩ් ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය උපරිම මූල්‍ය පහසුකම් සැලසීම සඳහා සැලසුම් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

කොවිඩ් ව්‍යාප්තියේ පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ නායකයන් පූර්ණ සහය පළ කළ අතර අනාගත තත්ත්වයන්ට මුහුණදීම සඳහා දිවයින පුරා අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීම පිලිබඳව ද අවධානය යොමුවුණා.

කොවිඩ් ආසාදිත රෝගීන්ට ඇතිවිය හැකි දුෂ්කරතා මඟ හැරීම පිළිබඳව ද ආණ්ඩුවේ පක්ෂ නායක හමුවේදී අදහස් හුවමාරු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now