මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරින් පනස් දහසක්...
Sri Lanka Police
Election Commission of Sri Lanka
President of Sri lanka
Election
By Parami Dissanayake
මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් පනස් දහසක් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවෙන් සිටින අතර, මැතිවරණ රාජකාරී කටයුතු සඳහා නිලධාරින් යෙදවීම සම්බන්ධයෙන්තොරතුරු වාර්තා සකස් කිරීම ආරම්භ කළ බවද සඳහන් වේ.
මෙලෙස, පොලිස් නිලධාරින් වැඩි පිරිසක් යෙදවීම මඟින් ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව තර කර ගැනීමට බලාපොරොත්තු වෙයි.
මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටින්නේ, පොලිස් නිලධාරීන්ට අමතරව, ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද සැලකිය යුතු පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි.
