ප්‍රදේශයක පාසලක ළමුන් 15ක් හා ගුරුවරියක් ආසාදිත බවට තහවුරු වේ
Covid-19
By Thaya
නාවලපිටිය පස්බාගේ කෝරළේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන පාසලක සිසුන් 15 දෙනෙකුට හා ගුරුවරියකට කොවිඩ් - 19 ආසාදනය වී තිබේ. එම ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක සින්නන් මොහන් මහතා පැවසීය. අදාළ පාසලේ 11 වන ශ්‍රේණියේ සහ 7 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 14 - 16 අතර සිසු සිසුවියන් 15 දෙනෙකු මෙලෙස ආසාදිත බවට තහවුරු වී තිබේ. ආසාදිත සිසුන් හා ගුරුවරිය එම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වේ. පාසලේ සෙසු ආශ්‍රිතයින් හඳුනාගැනීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ