රජපිහිල්ල උද්‍යානයේ පැරණි ගස් කැපීමට හා පුද්ගලික ආයතනයකට පැවරීමට වැට ...

Tree
By Thaya Feb 16, 2021 07:02 PM GMT
Thaya

Thaya

Report

කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ පැරණි ගස් කිහිපයක් කපා දැමිම හා එම ඉඩම පුද්ගලික ආයතනයකට පැවරීමට යන්නේ නම් ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර අවශ්‍ය පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ පැරණි ගස් කිහිපයක් කපා දැමීම හා එම ඉඩම පුද්ගලික ආයතනයක් ඉදි කිරීම සඳහා බදු දීමට යන බව පවසමින් අද දින (16) පරිසර අමාත්‍යාංශය ඉදිරිපිට දී පිරිසක් නිහඩ උද්ගෝෂණයක නිරත විය. එම විරෝධතාකරුවන් පිරිස අසළට ගිය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජපිහිල්ල උද්‍යානයේ ගස් කපා දැමීම සම්බන්ධව ජනාධිපතිතුමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙස තමන් මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන් බවත්,එම වාර්තාවට අනුව කිසිසේත්ම මෙම ස්ථානය පුද්ගලික අංශයට පැවරීමට යන බවක් සඳහන් ව නොමැති අතර එම කාරණය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ඉදිරියේ දී දැනුම්වත් කරන බවත් ප්‍රකාශ කළේය.

මෙම ඉඩම අක්කර දෙකකට අඩු නිසා එවැනි ඉඩමක් සංවර්ධනයේ දී ඇතැම් ගස් ඉවත් කිරීමට සිදුවන්නේ නම් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර වාර්තාවක් ලබා ගැනීම අවශ්‍ය නොවන බවත්, මෙහිදී සිදුව ඇත්තේ එම කාරණය වන නමුත් පසුව මේ සම්බන්ධව මතු වු කාරණාවන් සැළකිල්ලට ගනිමින් ඒ සඳහා සොයා බැලීමට පරිසර අමාත්‍යාංශය මැදිහත් වු බව ත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩ සටහන් බහුතරයක්ඉතාමත් සාර්ථක ව්‍යාපෘති බවත්, වත්මන් ජනාධීපතිතුමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කරද්දී සාර්ථකව නාගරික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ බවත් වර්තමානයේ බොහෝ දෙනෙක් ඒවා අගය කරන බවත් පෙන්වා දුන්නේය. කෙසේ වුවද රජපිහිල්ල උද්‍යානයේ සිදු කරන ලද පරිසර හානිය තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත්, එහි වටිනා ගස් කිහිපයක් කපා දැමීම නොකළ යුතුව තිබු දෙයක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

විරෝධතා දැක් වු පිරිස් අමාත්‍යවරයා වෙත ඔවුන්ගේ ගැටළුව ඉදිරිපත් කරමින් ලිපියක් බාර දුන්නේය. මේ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමට තමන් පියවර ගන්නා බව අමාත්‍යවරයා දැනුම් දුන් අතර ඉක්බිතිව ඔවුන් විසිර ගියේය.