කාන්තා මල සිරුරක් වැවක පාවේ…

Police
By Thaya Mar 11, 2021 09:37 PM GMT
Thaya

Thaya

Report

කිලිනොච්චිය අම්බාල්කුලම් වැවේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් (09 ) දින සොයා ගත බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

අම්බාල්කුලම් වැවේ අදාල කාන්තා මළ සිරුර පාවෙමින් ඇති බවට ප්‍රදේශවාසීන් විසින් ග්‍රාම සේවක වරයාට දැනුම් දීමෙන් අනතුරුව ග්‍රාමසේවක වරයා විසින් කිලිනොච්චිය පොලීසියට මේ බව දැනුම් දී ඇත.

අනතුරුව අදාල ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණ මළ සිරුර ගොඩට ගෙන මිය ගොස් ඇති කාන්තාව හඳුනාගනු ලැබීය.

එහිදී මිය ගොස් ඇත්තේ අම්බාල්කුලම් ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක් වූ 37 හැවිරිදි අරමුගම් තිලකේස්වරී නැමති කාන්තාවක් වෙයි.

මිය ගොස් ඇති කාන්තාවගේ මරණයට හේතුව මෙතක් අනාවරනය වී නොමැති අතර කිලිනොච්චිය රෝහලට යන බවට පවසා අදාල කාන්තාව නිවසින් පිටව ගොස් ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් සිදුකරන ලද සෝදිසියකදී කාන්තාවගේ මළ සිරුර වැවේ තිබී හමු වී ඇති බවට පවුලේ ඥාතීන් විසින් පොලීසියට පවසා ඇත.

මිය ගිය කාන්තාව මරණයට හේතුව ඝාතනයක්දැයි සියදිවි හානිකර ගැනීමක්දැයි යන්න අනාවරනය කරගැනීම සඳහා මළසිරුර කිලිනොච්චිය මහරෝහලේ තැන්පත් කොට පස්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කොට ඇති බවටද පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.