වනඅලි ප්‍රහාරයකින් තිදරු පියෙක් මරුට

Elephants
By Thaya Mar 28, 2021 05:40 PM GMT
Thaya

Thaya

Report

අද (27) උදෑසන වනඅලියෙකු පහරදීමෙන් 58 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොළොන්නරුව අත්තනකඩවල යාය 31 ප්‍රදේශයේදී මෙම වනඅලි ප්‍රහාරය එල්ල වී තිබේ.

හේනේ සිට අද උදෑසන තම නිවෙස වෙත පැමිණෙමින් සිටියදී ඔහු මෙම සිද්ධියට මුහුණ දී ඇත.

වනඅලියා එම පුද්ගලයාට පහරදී මීටර් 50ක පමණ දුරක් ඔහුව ඇදගෙන ගොස් තිබූ බව ගම්වාසීන් පවසයි.

ගම්වාසීන් චෝදනා කරන්නේ තම ගම්මානය වටා විදුලි වැටක් ඉදිකර දී තිබුණත් එහි විදුලිය නොමැතිවීම හේතුවෙන් වනඅලි නිතරම ගම්වදින බවය.

මේ අතර අම්පාර කොටවෙහෙර ප්‍රදේශයේදී ද වනඅලියෙකු පහරදීමෙන් 28 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වූ පුවතක් ඊයේ (26) වාර්තා වී තිබුණි