තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර

Police Accident
By Thaya Apr 02, 2021 08:22 PM GMT
Report

පන්නිපිටිය, පොල්වත්ත මන්සංදියේ දී සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (02) අලුයම එම අනතුර සිදුව ඇති බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය. තලවතුගොඩ සිට පැමිණි මෝටර් රථයක් පොල්කොටුව මාර්ගයට දෙසට හැරවීමට උත්සහ කිරීමේදී පන්නිපිටිය දෙස සිට පැමිණි යතුරුපැදියක් එම මොටර් රථයේ ගැටී තිබේ. අදාළ අනතුරින් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ යටියන්තොට, මලල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කසුන් බණ්ඩාර සහ මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රබෝධ මදුෂාන් නැමති 25 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.