ප්‍රසිද්ධ හිමිනමගේ සුපිරි කාර් රථය පැහැරගනියි

Police
By Thaya Mar 11, 2021 09:39 PM GMT
Thaya

Thaya

Report

උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ මෝටර් රථය ඊයේ රාත්‍රී 7.15ට පමණ තලවතුගොඩ ලංකා බැංකුව අසල නවතා තිබි කිසියම් පිරිසක් සොරා ගෙන තිබු අතර එය පැය භාගයක් ඉක්ම යාමට මත්තෙන් එම වාහනය සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය සමත් වී තිබෙනවා. එම වාහනයට සවි කර තිබු GPS තාක්ෂනය ඔස්සේ සිදු කල ලුහු බැදීමකින් අනතුරුව කලල්ගොඩ ග්‍රාමෝදය මාවතේදී එම මෝටර් රථය සොයා ගැනිමට හැකි වී තිබේ.

පොලිස් භාරයට ගන්නා මොහොතේ අංක තහඩුව ගලවා තිබු අතර GPS පද්ධතිය ගැලවීම සඳහා වාහනයේ තවත් කොටසක් ගලවමින් සිට ඇතැයි ද පොලිසිය පැවසිය. මෙලෙස සොරා ගත් මෝටර් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 70ක් පමණ වන බවයි පොලිසිය පැවසුවේ. අදාල මෝටර් රථය සොරා ගත් සැකකරු කලල්ගොඩ විද්‍යාල හන්දිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසිය පවසන්නේ