කල් ඉකුත් වූ යෝගට් පැමිණිල්ලෙන් පිළිකා කාරක පරිප්පු තොගයක් හමුවෙයි..

Yoghurt
By Thaya Apr 02, 2021 08:23 PM GMT
Report

වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ තිබී සොයා ගත් පරිප්පු තොග ඇල්ෆටොක්සීන් පිළිකා කාරක අඩංගු බව හෙළිව තිබේ.

වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.එච්.නිහාල් මහතා පැවසුවේ, ඇල්ෆාටොක්සීන් පිළිකා කාරකය අඩංගු බව රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී ඇති බවයි.

වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ සඟවා තබන ලද භාවිතයට නුසුදුසු කල් ඉකුත් වූ පරිප්පු කිලෝ තුන්දහස් එකසිය පනහක් පමණ සොයා ගැනුණේ කල් ඉකුත් වූ යෝගට් විකිණීමෙන් පසුව පාරිභෝගිකයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂාවකදීයි.