කොරෝනා ආසාදිතව මියගිය මුස්ලිම් කතගේ ඥාතීන්ගෙන් ආදර්ශවත් හැසිරීමක්….! රටටම ආදර්ශයක්

Covid-19 Religion
By Thaya Jan 20, 2021 07:35 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය වැලිගම කාන්තාවකගේ මෘත දේහයට ඔවුන්ගේ ආගමික චාරිත‍්‍ර අනුව අවසන් ගෞරව දැක්වීම සඳහා ඥාතින් කිහිපදෙනකුට අවස්ථාව ලබාදුන් බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පැවසුවා.

භූමදානය කිරීමට අවස්ථාව ලබා නොදෙන නිසා දේහය රැගෙන නොයන බවත් එම නිසා මියගිය තැනැත්තියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඇයගේ ඥාතීන් හදිසි මරණ පරීක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප‍්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් අනුව නිරෝධායන නීතිරීතිවලට අනුව මියගිය තැනැත්තියගේ මෘතදේහයට අවසන් ගෞරව දැක්වීමට රෝහලේ මෘත ශරීරාගාරය තුළදී ඥාතීන් කිහිපදෙනකුට අවස්ථාව ලබා දී තිබෙනවා.

මියගිය අයගේ ඥාතීන් සිය ආගම සිහිපත් කරමින් විනාඩි 10ක පමණ කාලයක් දේහයට අවසන් ගෞරවය දක්වා තිබෙනවා. පසුව එම තැනැත්තියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් දැඩල්ල අදාහනාගාරයේ දී සිදු කළා.. මියගිය අයගේ ඥාතීන් කිහිපදෙනකු එම අවස්ථාවට ද එක්වූ බව වැඩබලන හදිසි මරණ පරීක්ෂකවරයා පැවසුවා.

මිය ගොස් ඇත්තේ මොහොමඞ් තාහිම් නුල් සන්ධ්‍යා (55*) නමැති හෙට්ටිවිදිය වැලිගම ප‍්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය දියවැඩියාව, අධික රුධිර පීඩනය, වැනි රෝගවලින් ද පෙළුණු තැන්තියක්. ඇය අසනීප වීමෙන් පසු වැලිගම ප‍්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් තිබුණා. වෛද්‍යවරයා විසින් මෙකී රෝගීයා පරීක්ෂා කර බලා ඇය මියගොස් ඇති නිසා කරාපිටිය රෝහලට රැුගෙන යන ලෙස උපදෙස් දී තිබෙනවා. ඒ අනුව මියගිය රෝගියා සම්බන්ධයෙන් කළ PCR පරීක්ෂණයේ දී ඇයට කොවිඞ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා.

“ඇත්තට ම මුස්ලිම් අයගේ මරණ ආදාහනය කිරීමට යෑමේ දී ඇතැම් විට නොයෙකුත් මත ගැටුම් ඇතිවන අවස්ථා තිබුණා. මියගිය අයගේ ඥාතීන්ගෙන් බලපෑම් එල්ල වුණා. නමුත් මියගිය මෙකී තැනැත්තියගේ ඥාතීන් ඉතා ආදර්ශවත් ලෙස කටයුතු කළා. ඇත්තටම ඔවුන් මේ අවස්ථාවේ දී ක‍්‍රියාකළ ආකාරය අගය කළ යුතු” යැයි වැඩබලන හදසි මරණ පරීක්ෂකවරයා සඳහන් කළා.