මත් ජවාරම් කරුවන් පහරදීමෙන් සුරාබදු නිලධාරීන් රෝහලේ ....මත්පැන් අත්අඩංගුවට ...

Drugs
By Thaya Feb 26, 2021 05:55 PM GMT
Thaya

Thaya

Report

චාවකච්චේරිය කෙට්පේලි ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට ගිය සුරාබදු නිලධාරීන් පිරිසකට මත්පැන් ජාවාරම් කරුවන් පොලුවලින් පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසියට වාර්තා කළ පුවතක් පසුගියදා(24) සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් වාර්තාවිය. මෙම පහරදීමෙන් සුරාබදු නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර එක් නිලධාරියකු මේ වනවිටත් චාවකච්චේරි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

මහජනතාවගෙන් ලද තොරතරුකට අනුව කෙට්පේලි ප්‍රදේශයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමේදී මත් ජාවාරම් කරුවන් පොලු වලින් පහරදීම් හමුවේ පසු බට නොවී එම ස්ථානය වටලා රුපියල් ලක්ෂ පහක් වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු චාවකච්චේරි සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 6,000 ක් ගෝඩා මිලි ලීටර් 700,000 ක් බැරල් ඇතුළු පෙරණ උපකරණ තොගයක් තිබු බව සුරාබදු නිලධාරීහු පවසති.

නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත සැකකරු 24 හැවිරිදි කෙට්පේලි ප්‍රදේශයෙහිම පදිංචි පුද්ගලයකු බවට හඳුනාගෙන තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අද (26)චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.