පන්නිපිටියෙ එහෙම වුණත් වාද්දුවේ මෙහෙම වෙලා

Police
By Thaya Apr 01, 2021 04:30 AM GMT
Report

රියැදුරෙකුට පහර දීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයෙකුගේ අපකීර්තිමත් හැසිරීම පිළිබඳව රටේ අවදානය යොමු වී ඇති මොහොතක වෙනත් පොලිස් රථවාහන අංශ නිලධාරින් පිරිසකගේ සත් ක්‍රියාවක් අද (30) දහවල් වාද්දුව ගාලුපාරේදී දැකගත හැකි විය.

වාද්දුව මංසන්ධියේදී කාර්මික දෝෂයකට ලක්වූ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් වාද්දුව පොලිසියේ රථවාහන අංශ නිලධාරින් පිරිසක් පවතින දැඩි අව් රශ්මිය නොතකා මාර්ගයෙන් ඉවත් කර ගමනාගමනය යථා තත්ත්වයට පත්කිරීමට උත්සාහ දරන අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ.