දෙසැම්බර් 31 වුවත් පිරිස පිරිවරා විනෝදය එපා

december 31st
By Thaya Jan 02, 2021 06:23 AM GMT
Report

හෙට දෙසැම්බර් 31 වුවද වෙනදා මෙන් පිරිස පිරිවරා විනෝද වීමට නොහැකි බව පොලීසිය අවධාරණය කරයි.

සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් පොදු ප්‍රවාහන සේවා නිරීක්ෂණයට ද යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ වන විට පොලිස් බල ප්‍රදේශ 09 ක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කර ඇත. නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ද ක්‍රියාත්මක බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.