නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට දීම අත්‍යවශ්‍යයි..- ඇමරිකාව කියයි..

Eastern Indian
By Thaya Jan 27, 2021 08:27 PM GMT
Thaya

Thaya

Report

ඉන්දීය සමාගමකට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය භාර දීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ නාවික කටයුතු සංවර්ධනයට අත්‍යවශ්‍ය යයි කොළඹ සිටින ඇමරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ එම පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහය ලබාගැනීම ඉතා වැදගත් බවයි.

එම ආයෝජන විවෘත සහ දෙපාර්ශවයටම වාසි අත්වන විනිවිද පෙනෙන එකක් විය යුතු බවද ඇය පැවසා ඇත්තේ චීන ආයෝජන ගැන අදහස් පල කරමිනි.

ඩේලි මිර්ර පුවත්පත මේ බව සඳහන් කර තිබේ.