එංගලන්තය ලකුණු 344ට සීමා වෙයි

England
By Thaya Jan 25, 2021 07:17 PM GMT
Report

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණ 344ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 381ක් රැස් කළ අතර ඒ අනුව ලකුණු 37ක් ඉදිරියෙන් සිටිමින් ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම ආරම්භ කළේය.