පෞද්ගලික අංශයටත් විශ්‍රාම වැටුපක්

employee fond nimal siripala E.P.F E.T.F.
By Sewvandhi May 10, 2021 02:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කරමින් පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට රජය සුදානම් වන බව මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල (E.P.F) සහ සේවක භාර අරමුදල (E.T.F) මහා භාණ්ඩාගාරය යටතේ ක්‍රියාත්මක වන අර්ධ විශ්‍රාම වැටුප් අරමුදලක් බවට පරිවර්තනය කිරීමට නියමිතයි.

යෝජිත විශ්‍රාම වැටුප් අරමුදල මගින් විශ්‍රාමික සාමාජිකයකුට එකවර ගෙවීමක් ලෙස මුදල්වලින් කොටසක් ලබා ගැනීමටත්, මාසික විශ්‍රාම වැටුපක් ලබා ගැනීම සඳහා ඉතිරිය රඳවා ගැනීමට හෝ විශ්‍රාම යාමේදී සම්පූර්ණ මුදල ලබා ගැනීමටත් ඉඩ සැලසෙනු ඇති.

පෞද්ගලික අංශය සඳහා විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත බවයි මෙම නව යෝජනා ක්‍රමය හඳුන්වාදීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මූලික අදහසක් ප්‍රකාශ කරමින් කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා කියා සිටියේ.

පෞද්ගලික අංශය සඳහා වෙනම විශ්‍රාම වැටුප් ක්‍රමයක් පිහිටුවීමට 2011 වර්ෂයේ මැයි මාසයේදී එවකට පැවැති ආණ්ඩුව දැරූ උත්සාහය විරෝධතා මධ්‍යයේ අතහැර දැමුණා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now