සුරැකුම්පත් කොමිසම හා කොටස් තැරැව්කරුවන් අතර හදිසි හමුවක්...

Stockbrokers
By Thaya Feb 11, 2021 07:39 PM GMT
Report

කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අතර හදිසි හමුවක් අද (11) පස්වරුවේ කැඳවා ඇති බව අද දෙරණ Biz වෙත වාර්තා වේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වෙන අතර ඒ් සඳහා සියලු කොටස් තැරැව්කාර සමාගම් හි ප්‍රධානීන් සහභාගී වීමට නියමිතය. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙහි (SEC) අනුමැතිය මත කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් කොටස් තැරැව්කාර සමාගම් සඳහා වඩාත් යෝග්‍ය ප්‍රතිපත්ති අඩංගු මාර්ගෝදේශන මාලාවක් පසුගිය දා නිකුත් නිකුත් කර තිබූ අතර හැකි ඉක්මනින් එය අනුගමනය කිරීම සහ ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබුණි.

කෙසේවෙතත් මෙහි අඩංගු ඇතැම් යෝජනා සම්බන්ධයෙන් කොටස් තැරැව්කරුවන්ගේ ඒකඟතාවයන් යහපත් මට්ටමක නොතිබූ බව වාර්තා වේ. මේ අතර 2021 ජනවාරි 27 දින ඉතිහාසයේ ඉහළම අගයයට කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ලඟා වීමෙන් පසු මේ දක්වා දිගින් දිගටම කොටස් වෙළෙඳපොළ කඩා වැටෙමින් තිබේ. ඊයේ (10) දිනය වන විට පමණක් සති දෙකක කාලයක් තුළ දී ඒ්කක 1,000 ක් ඉක්මවා සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබුණි. මිල දර්ශකවල කඩා වැටීම හේතුවෙන් අද (11) දිනය තුළ දී අවස්ථා දෙකක දී දෛනික කොටස් ගනුදෙනු අත්හිටුවන ලදී.