පොලිස් නිලධාරියාගේ ගිනි අවිය පරික්ෂා කිරීමට ගිය විදුලි සේවකයෙකුට වෙඩි වැදී මරුට.

Police
By Thaya Apr 01, 2021 08:24 PM GMT
Report

ඌරගස්මංහන්දිය, වල්ඉඟුරුකැටිය ප්‍රදේශයේදී විදුලි සේවකයෙකු වෙඩි වැදීමකින් ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ විදුලි සේවකයා රැහැන් පරීක්ෂාවකට ගොස් සිටියදී හදිසි පිපිරීමකින් තුවාල ලැබූ බවට පවසා රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු ජිවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, පසුව සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම විදුලි සේවකයාට පොලිස් නිලධාරියෙකුට අයත් ගිනි අවියකින් වෙඩි වැදී ඇති බවටයි. විදුලි සේවකයා සහ ඔහු සමඟ සිටි තවත් සේවකයින් කිහිපදෙනෙකු මිතුරු පොලිස් නිලධාරියෙකුට අයත් නිවසකට පැමිණි අවස්ථාවේදී එහි තිබූ අදාළ ගිනි අවිය පරීක්ෂා කරමින් සිටියදී වෙඩි වැදීම සිදුව ඇති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා ඇතුළු 6 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.