ගතවූ පැය 24ක කාලය තුළ පුද්ගලයින් 8 දෙනෙක් රිය අනතුරු හේතුවෙන් මිය යයි
ගත වු පැය 24 තුළ සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 8දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එයින් පුද්ගලයින් දෙදෙනෙක් ඊට පෙර දින සිදුවු අනතුරු හේතුවෙන් රෝහල්ගත කර සිටිය දී මියගොස් ඇති බවය. මේ අතර, ඊයේ (23) සවස අලව්ව පොලිස් වසමේ කොළඹ - කුරුණෑගල මාර්ගයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. කොළඹ දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක් එම දෙසට ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් පසුපැදිකාරිය වන 49 හැවිරිදි අලව්ව ප්‍රදේශයේ පදිංචිකාරියක් ජීවිතක්ෂයට පත්ව ඇත. මේ අතර ජාඇල නගරයේ දී සිදුවු අනතුරකින් තවත් පුද්ගලයෙක් මියගොස් තිබේ. කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය වු කන්ටේනර් රථයක් මාර්ගයේ ගමන් කළ පා පැදියක ගැටී අනතුර සිදුව ඇත. අනතුරින් පා පැදිකරු මියගොස් ඇති අතර, ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
වාකරේ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් 30 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. මඩකලපුව - ත්‍රිකුණාමලය මාර්ගයේ 76 කීලෝමීටර කණුව ආසන්නයේ දී මඩකලපුව දෙස සිට ත්‍රිකුණාමලට දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් අනතුර සිදුව ඇත. යතුරුපැදිකරු හා පසු පැදිකරු අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු පැදිකරු එලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.