පාස්කු කමිටු වාර්තාව හෙට ජනාධිපතිතුමා අතට .........

President Easter
By Thaya Apr 04, 2021 03:50 PM GMT
Thaya

Thaya

Report

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාව හෙට(05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාරදීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය දා මිනුවන්ගොඩ පක්ෂ කාර්යාලයේ පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකින් අනතරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙම වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නැවත අධීක්ෂණය කර එය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු, හා රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම කමිටුව පත් කරනු ලැබිය.

නව කමිටුවේ වාර්තාව පසුගිය 15 වැනිදා භාරදීමට නියමිතව තිබූ අතර වැඩිදුර විමර්ශනය කිරීම සඳහා කමිටුව විසින් තවත් සති දෙකක කාලයක් ලබා ගත්තේය. එම කාලසීමාව පසුගිය තිස් වැනි දායින් අවසන් වූ අතර කමිටු වාර්තාව හෙට කැබිනට් මණ්ඩලය රැස්වීමට ප්‍රථම කමිටු සාමාජිකයින් විසින් ජනාධිපතිවරයාට ලබා දීමට නියමිතව තිබේ.