භූ කම්පන නිරීක්ෂණනිලධාරීන්ගෙන් ඇකිරිය ප්‍රදේශයේ ජනතාවට දැනුම්දීමක්.

Earthquake
By Thaya Feb 19, 2021 08:37 PM GMT
Thaya

Thaya

Report

භූ කම්පන කිහිපයක් සිදුවූ මඩොල්සිම ඇකිරිය ප්‍රදේශය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. පසුගිය සතියේ දී අවසන්වරට ඇකිරිය ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුවූ අතර එය රිච්ටර් මාපකයේ 1.5 ක ප්‍රබලත්වයකින් සටහන්ව තිබුණි. කෙසේවෙතත් මීට පෙර අවස්ථා දෙකක දී ඇකිරිය ප්‍රදේශයේ භූකම්පන සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් ක්ෂේත්‍ර පරීක්ෂණයන් සිදුකර ඇත. එම ක්ෂේත්‍ර චාරිකාව සඳහා තවත් පාර්ශ්ව කිහිපයක් සහභාගී වී ඇති අතර එහිදී ප්‍රදේශයේ ජනාතාද දැනුවත් කර තිබේ.

සිදුකළ නිරීක්ෂණයේ දී එම ප්‍රදේශවල පතල් කැණීම් කටයුතු සිදුකරන බවට තොරතුරු අනාවරණය වු බව එම කාර්යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ පස්කඳු කඩා වැටීම් සහ නායයෑම් තත්ත්වයන් ඇති විය හැකි බවට නිරීක්ෂණය කරඇති බව එම නිලධාරීන් ජනතාව වෙත දැනුම් දී තිබේ. මේ හේතුවෙන් පතල් කැණීම් සහා පස් කැනීම් කටයුතුවලදී වඩාත් විමසිලිමත්වන ලෙස භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය ජනතාවට දැනුම්දී ඇත.