ලාංකීය සුපිරි ක්‍රීඩකයාට තරගාවලිය අහිමිවෙයි..
By Sewvandhi
ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ආබාධයක් හේතුවෙන් දුෂ්මන්ත චමීරට ඇෆ්ගනිස්ථානය සමග පැවත්වෙන එක්දින තරගාවලිය අහිමි වී ඇති බවයි.
ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කර ඇති බව වාර්තා වේ.
අද (11) පස්වරුවේ සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.
ඇෆ්ගනිස්තාන පිල සහ ශ්‍රී ලංකාව අතර තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 42කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ එකට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නෙ ශ්‍රී ලංකාවයි.