බීමත් පියා දිනපතා දසවධ දී දරුවාට ඇවිද ගන්නත් බෑ

Drunk
By Thaya Apr 01, 2021 08:27 PM GMT
Thaya

Thaya

Report

කුඩාඔය පොලිස් වසමේ පාසලක තුන්වැනි වසරේ ඉගෙනුම ලබන 08 හැවිරිදි පිරිමි ළමයෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එම ළමයාගේ පියා කුඩාඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාසලේ ගුරුවරියක විසින් කරන ලද පැමිණිල්ලක් අනුව දරුවාට පහරදුන් පියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. පාසලට පැමිණි ළමයා අපහසුවෙන් ඇවිද යන අයුරු දැක ඇති පන්ති භාර ගුරුතුමිය ළමයාගෙන් ප‍්‍රශ්න කිරීමේදී ළමයාගේ පියා බීමත්ව පැමිණ දිනපතාම අතින් පයින් සහ කෝටුවලින් පහරදෙන බව පවසා තිබෙනවා. ළමයාගේ පාදවල සහ පිටේ පහර දීමෙන් සිදුවූ තුවාලද තිබී ඇති බව වාර්තා වනවා.