ප‍්‍රාදේශීය ලේකම්ලා අපි කියන වැඩ කරන්නෙ නෑ..... අපිට හිරිහැර කරනවා... වහා ඔවුන් මාරු කරන්න...

Parliament
By Thaya Mar 29, 2021 07:15 PM GMT
Report

ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ කටයුතු කිරීමේදී තමන් දැඩි හිරිහැරවලට පත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී පිරිසක් අමාත්‍ය චමල් රාජපක්ෂ සහ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන්ට පැමිණිලි කර තිබේ.

එම මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත්තේ ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් දේශපාලකයින් නොසලකා හරින බවයි.

ඒ නිසා ජනතාව ද අසීරුතාවට පත්වන බවද ඔවුන් පෙන්වා දී තිබේ.

මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත්තේ මීට හේතුව ‍ප‍්‍රාදේශීය ලේකම් වරු සහ ග්‍රාම නිලධාරීන් එකම ස්ථානයේ වසර ගණනාවක් රැඳී සිටීම බවයි.

වසර පහකට වැඩි කාලයක් එකම ස්ථානයේ සේවය කළ ප්‍රාදේශීය ලේකම්වරුන් සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන්ට නව ස්ථාන මාරු ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත්, චෝදනා එල්ල වී ඇති නිලධාරීන් ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බවත් එම මන්ත්‍රී පිරිස යෝජනා කර තිබේ.