ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ 10ක් අතර සාකච්ඡාවක්

Sri Lanka
By Thaya Apr 09, 2021 06:49 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුව නියෝජනය කරන තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 11ක පක්ෂ නායකයින් අතර එම සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී ඊයේ රාත්‍රී පැවති බව වාර්තා වේ. කෙසේවෙතත් එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු සාමාජිකයෙකු සහභාගි වී නොමැති වීම විශේෂත්වයකි. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ, රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක නිරත වු බවය.