වහාම ක්‍රියාත්මක වන පරිදි පළාත් 9ට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු පත්කෙරේ.

Western provings Helth ministry Southern proving Estern proving
By Aruna May 09, 2021 02:25 AM GMT
Report

මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් මට්ටමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 දෙනෙකු පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සියලු පළාත්වලට ගොස් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ නිරීක්ෂණය කර අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අදාළ පත්කිරීම් සිදුකර ඇති බව වාර්තා වේ.

මේ වන විට දිවයින පුරා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 105ක් ස්ථාපිත කර ඇති අතර එම මධ්‍යස්ථානවල ගිලන් ඇඳන් 19,000 කට අසාන්න සංඛ්‍යාවක් ස්ථාපිත කර තිබේ.

ඊට අමතරව යුද හමුදාව විසින් සීදුව ප්‍රදේශයේ ඇඳන් 1,500ක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සහ බූස්ස ප්‍රදේශයේ එවැනිම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මේවන විටත් සූදානම් කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම දිවයින පුරා පිහිටි රෝහල්වල එක් වාට්ටුවක් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා වෙන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේවන විට තීරණය කර තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join now