ඩිසල් හිගය නිසා තවත් ප්‍රධාන ප්‍රවාහන ක්ෂේත්‍රයකට බාධා...

By Subodha Apr 24, 2022 04:08 AM GMT
Report

පවතින ඩීසල් හිඟය හේතුවෙන් කොළඹ වරායේ ආනයන - අපනයන බහාලුම් ප්‍රවාහනයට දැඩි බාධා එල්ල වී ඇති බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සනත්  කියා සිටියේ ඩීසල් හිඟයත් සමඟ මේ වනවිට ධාවනයේ යෙදෙන බහාලුම් ප්‍රවාහන රථ සංඛ්‍යාව සියයට 60 ක් දක්වා අඩුවී ඇති බවයි.

ඒ හේතුවෙන් ආනයනික භාණ්ඩ සහිත බහාලුම් රැසක් බෙදාහැරීමට නොහැකිව කොළඹ වරාය තුළ ගොඩ ගැසී ඇති බව ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ප්‍රමාණවත් පරිදි ගැටලුවකින් තොරව ඩීසල් ලබා දෙන්නේ නම් ඉදිරි සතියේදී සියලුම බහාලුම් ප්‍රවාහන රථ ධාවනයේ යෙදවීමට හැකි බවයි එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල වැඩිදුරටත් කියා සිටියේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now