පාර්ලිමේන්තුවට කොරෝනා ගෙනාවේ හකීම්ද ? පාර්ලිමේන්තුවේදී මාස්ක් දාල නෑ CCTV දර්ශනවලින් මාට්ටු

Corona Parliament Hakeem
By Thaya Jan 13, 2021 06:37 PM GMT
Thaya

Thaya

Report

රවුෆ් හකීම් මහතාට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වූ පසුව පාර්ලිමේන්තුවේ ඔහුගේ ආශි‍්‍රතයන් සොයා බැලීම සඳහා සිදු කළ සීසීටීවී පරීක්‍ෂණවලින් මේ බව තහවුරු වී ඇත.

බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තු සංකීර්ණය තුළදීත් ඇතැම් විට පාර්ලිමේන්තු සභා ගර්භය තුළත් රවුෆ් හකීම් මන්තී‍්‍රවරයා මුව ආවරණයක් නොපැළඳ කටයුතු කරන අයුරු සීසීටීවී දර්ශනවලින් දැක ගැනීමට හැකි වී ඇත.

තමාට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇති බවත් තමාගේ ආශි‍්‍රතයන් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් රවුෆ් හකීම් මහතා පසුගියදා සිය ට්විටර් ගිණුම මගින් ප‍්‍රකාශ කර තිබිණි.

2021 වසරේ පාර්ලිමේන්තුව ආරම්භ වූ පසුගිය 05 වැනිදා හකීම් මහතා පාර්ලිමේන්තුවට පැමිණ එම කටයුතුවල නිරතව තිබිණි.