ධම්මික පැණිය බිව්ව මන්ත්‍රී ඇතුළු පවුලේ සියලු දෙනාටම කොරෝනා...200ක් නිරෝධායනයට.
Covid-19
By Thaya
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මර්දන සදහා හදුන්වා දුන් ඖෂධය පානය කළ බව කියන කෑගල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාම කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.
මන්ත්‍රීවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයකයන් 06 දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇතැයි බුලුගහදෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද තහවුරු කරයි.
මන්ත්‍රීවරයාද සඳහන් කර ඇත්තේ එම කොරෝනා ඖෂධය නිවැරදි මාත්‍රාවට තමන් සහ පවුලේ සියලු දෙනා භාවිතා කළ බවයි.
මේ වන විට ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් 200ක් පමණ පිරිසක් නිරෝධායනයට යොමුකර තිබේ.