ධම්මික බණ්ඩාර මාව ප‍්‍රාණ ඇපයට ගත්තා…- වෛද්‍යවරයෙකු කියයි

Dhammika Bandara
By Thaya Jan 23, 2021 07:25 PM GMT
Thaya

Thaya

Report

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් තමන් පැය හයක් ප්‍රාණ ඇපයට ගත් බව පේරාදෙණිය රෝහලේ වෛද්‍ය එස්.ටී.ආර්. මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

දැනටත් තම ජීවිතය අනතුරේ බවත් තමන්ට යම් හානියක් වුවහොත් එහි වගකීම ධම්මික බණ්ඩාර මහතා භාර ගත යුතු බව ඔහු කියා සිටී.

ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු තමන්ට පහර දුන් බවත් තම දරුවා මරා දමන බවට තර්ජනය කළ බවත් ඒ මහතා පැවසීය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.