කොවිඩ් වසංගතය පැවැතියද රටේ සංවර්ධනය අඩාල නෙවෙයි...කටුනායක මගී සහ ගුවන් භාණ්ඩ මෙහෙයුම් මධ්‍යස්ථානයකුත් ....
කොවිඩ් 19 වසංගතය පැවතිය ද රටේ සංවර්ධන කටයුතු අඩාල වීමට රජය කිසිසේත් ඉඩ තබන්නේ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය රජය විසින් අතහැර දමා තිබු මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට වත්මන් රජය යලි ආරම්භ කර ඇති බවයි.
කොවිඩ් 19 හේතුවෙන් බිද වැටුන සංචාරක කර්මාන්තය ක්‍රමාණුකූලව යථා තත්වයට පත් කිරීම රජයේ අපෙක්ෂාව බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු මේ දක්වා විදේශිකයන් 500 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට විසා අයදුම් කර ඇතැයිද කියා සිටියේය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ නව අපනයන භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ල ඉදි කිරීම සදහා එහි මංගල පස් පිඩැල්ල කැපීමේ උත්සවයට එක් වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කලේය උත්සවය අද (25) කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදි පැවැත්විනි.
කටුනායක ගුවන්තොටුපලේ අපනයන භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 236 කට අධිකය. ඉදිකිරීම් වසර 2 කින් නිම කිරීමට අපෙක්ෂිතයි.
පෙර සවි කොන්ක්‍රීට් නිමාවෙන් යුත් තෙමහල් ගොඩනැගිල්ලකින් සමන්විත මෙම භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ල තුල මුර ගෙවල් මාර්ග පද්ධති, වාහන අංගනයක් මෙන්ම යාන්ත්‍රික විදුලි හා තොරතුරු තාක්ෂණික අංශ වලින්ද සමන්විතයි. ශීතාගාර හා ස්වයං ක්‍රියාත්මක රාක්ක වල ගබඩා කිරීමේ පහසුකම්ද ඊට ඇතුලත්ය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි අවධාරණය කලේ නව අපනයන භාණ්ඩ පර්යන්තය ඉදි කිරීමෙන් වසරකට ගුවන් භාණ්ඩ මෙට්ට්‍ර්ක් ටොන් 150,000 ක ධාරිතාවකින් සමන්විත වන බවයි. කටුනායක ගුවන්තොටුපලේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ධාරිතාව වසරකට මෙට්ට්‍රිරික් ටොන් 250,000 කි. ඇමතිවරයා කිවේ. ගෝලිය කොවිඩ් 19 වසංගතය හමුවේ වුවද ජාත්‍යන්තර වෙළදපොළවල් වෙත එළවලු හා පළතුරු භාණ්ඩ ගුවන් ගත කිරීමට කටයුතු කළ බවයි. කටුනායක ගුවන්තොටුපල දකුණු ආසියාවේ ගුවන් මගී හා ගුවන් භාණ්ඩ මෙහයෙුම් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරන බවද ඇමතිවරයා මෙහිදි කිවේය.
රාජ්‍ය ඇමති ඩී.වී චානක ,ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, උපසභාපති රජිව් සුරියආරච්චි යන මහත්වරු දමෙහිදි කථා කලහ.
