අවදානම් ලෙස රට පුරා ආසාදිතයන් වාර්ථා වූ ඊයේ දිනයේ සියලු විස්තර - කොළඹ 23000 ඉක්මවයි
කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 737 දෙනෙකු ඊයේ (25) දිනයේ අලුතින් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
එම සංඛ්‍යාව 227කි.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් 4වනදා සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 23,080ක් දක්වා ඉහළගොස් තිබේ.
ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 102 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 96 ක් ලෙස වාර්තා වී ඇත. අනෙක් ආසාදිතයින් 312 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.
කොවිඩ්-19 වෛරසය ආසාදනය වු මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 59,166 ක් දක්වා ඉහළගොස් තිබේ.
ඉන් පුද්ගලයින් 50,336 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති අතර රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 8,543 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.
මෙරට තුළ සිදුව ඇති කොවිඩ් - 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව ද 287 ක් දක්වා ඉහළගොස් ඇත.
නව කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ,
කොළඹ - 227කළුතර - 102ගම්පහ - 96ගාල්ල - 68කුරුණෑගල - 59මහනුවර - 47කෑගල්ල - 26මාතලේ - 21පුත්තලම - 18මාතර - 16රත්නපුර - 15නුවරඑළිය - 12හම්බන්තොට - 12අම්පාර - 07අනුරාධපුරය - 05පොළොන්නරුව - 03වව්නියාව 01බදුල්ල - 01මඩකලපුව 01




