විභාග නියෝජ්‍ය ශාලාධිපතිවරයෙක්ගේ රාජකාරි අත්හිටුවයි - ශාලාවට ඇතුළුවීමත් තහනම්

Report

කිළිනොච්චිය, පුනරීන් නල්ලූර් මහා විද්‍යාලයේ පිහිටුවා ඇති උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක නියෝජ්‍ය ශාලාධිපතිවරයාගේ විභාග රාජකාරි අද (24) දින සිට අත්හිටුවා ඇත.

ඒ අනුව, ඔහුට එම විභාග ශාලාවට ඇතුළු වීමද තහනම් කර ඇති බව සඳහන්.

අඳාළ නියෝජ්‍ය විභාග මධ්‍යස්ථානාධිපතිවරයා ඉකුත් නොවැම්බර් 21 වන දින රාජකාරි කටයුතු සඳහා විභාග ශාලාවට පැමිණ ඇත්තේ අධික ලෙස බීමත්වයි.

එසේම ඔහු එසේ සේවය කරමින් සිටියදී විභාග මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටි තවත් දෙදෙනෙකු සමඟ ප්‍රශ්නයක් ඇති කරගෙන කලහකාරී ලෙස හැසිරී ඇති බවත් වාර්තා වේ.

උසස් පෙළ ප්‍රශ්න පත්‍රය පිට වුනාද? ප්‍රශ්නය CIDය අතට මාරු වේ

උසස් පෙළ ප්‍රශ්න පත්‍රය පිට වුනාද? ප්‍රශ්නය CIDය අතට මාරු වේ

එබැවින් මේ සම්බන්ධයෙන් බලධාරීන්ට පැමිණිලි කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය මධ්‍යස්ථානාධිපතිවරයාට විරුද්ධව මූලික පරීක්ෂණයක් පවත්වා ඇත.

අඳාළ පරීක්ෂණයේදී ඔහු බීමත්ව සිටි බවට සනාථ වීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස ඔහුව විභාග රාජකාරිවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම විභාග රාජකාරිවලින් ඉවත් කිරීමෙන් පසු, අධ්‍යාපන අමාත්‍යාංශ මට්ටමින් මෙම නිලධාරියාට විරුද්ධව වෙනම පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවත් පවසයි.

ඉදිරි පැය 24 මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට අවදානම් - විශේෂ නිවේදනයක්

ඉදිරි පැය 24 මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට අවදානම් - විශේෂ නිවේදනයක්

අද ඉඳන් බස්වල යන අයට සුබ ආරංචියක් - මේ කරදරේ ඉවරයි

අද ඉඳන් බස්වල යන අයට සුබ ආරංචියක් - මේ කරදරේ ඉවරයි