මෙරට දෛනික PCR පරීක්ෂණ දිනෙන් දින අඩු වීම බරපතල ගැටලුවකට අත වැනීමක්

Covid-19
By Thaya Mar 13, 2021 07:08 PM GMT
Report

මෙරට තුල සිදුකරන දෛනික පිසීආර් පරීක්ෂණ සංඛ්‍යාව දිනෙන් දින අඩු වීම බරපතල ගැටලුවකට අත වැනීමක් බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ රෝගය පාලනය වී ඇති බවට රජය පැවසුවද එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. රාජ්‍ය රසායනාගාර වල පහසුකම් තිබියදී එලෙස පීසීආර් පරීක්ෂණ අවම මට්ටමකින් සිදු කිරීම විශාල අපරාධයක් ලෙසයි එහි සභාපති රවී කුමුදේශ් මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.