කඩොලාන පර්යේෂණාගාරයක් මෙරට පිහිටුවීමට තීරණයක්....
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කඩොලාන පර්යේෂණාගාරයක් පිහිටුවීම සඳහා එක්සත් රාජධානියේ සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් Sarah Hulton මහත්මිය එකගතාවය පළ කරන ලදැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ලේකම්වරයා මෙම අදහස් පළ කළේ ඊයේ ( 21) පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
පසුගිය සතියේ පුත්තලම ආනවිලුන්දාව කළපුව ආශ්‍රිත ප්‍රදේශයේ දී කඩොලාන රෝපණය කිරීමේ වැඩ සටහනක් පැවැති අතර එහිදී මේ සම්බන්ධව එම මහත්මිය
විසින් සහයෝගය පළ කර තිබේ. කඩොලාන ශාඛ ප්‍රවර්ධනය සඳහා ශ්‍රි ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලය සමග එකගතාවයක් තිබෙන අතර කඩොලාන වලින් මෙරටට
ලබා ගත හැකි උපරිම ප්‍ර යෝජන ලබා ගැනීම සඳහා සියලු පියවර ගන්නා බව ලේකම්වරයා මෙහිදී කීය.
ඉස්සන් කර්මාන්තය හා කඩොලාන අතර ප්‍රතිවිරෝධතා පවතින බවට ඇතැම් පාර්ශ්ව විසින් යම් යම් අදහස් ප්‍රකාශ කළ ද, ධීවර ප්‍රජාව හා කළ සාකච්ඡාවල දී
ගුණාත්මක භාවයෙන් ඉහළ ඉස්සන් බෝවීම සඳහා කඩොලාන ආශ්‍රිත කළපු පරිසරය බලපාන බව ඔවුන් පෙන්වා දී තිබේ.
එමෙන්ම කල්පිටිය ප්‍රදේශය දේශීය හා විදේශීය සංචාරකයින් බහුලව පැමිණෙන ප්‍රදේශයක් බැවින් ආනවිලුන්දාව කලපුව ආශ්‍රිත ප්‍ර දේශය හරිත කලාපයක් ලෙස
සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
එමෙන්ම යෝජිත. කඩොලාන පර්යේෂණාගාරය ආනවිලුන්දාව ප්‍ර දේශයේ ස්ථාපිත කිරිමට කටයුතු කරන අතර විශ්ව විද්‍යාල සිසුන්ගේ මෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගේ කඩොලාන පිළිබඳ දැනුම ඉහළ නැංවීම මෙන්ම සංචාරක ආකර්ශණය සඳහාත් යොදා ගන්නා බවද හෙතෙම කීය.
දැනට සිදු කර ඇති නිරීක්ෂණ අනුව ඉන්දීය වෙරළ ආශ්‍රිතව බැහැර කරන විවිධ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පුත්තලම, කල්පිටිය හා ආනවිලුන්දාව කළපුව ආශ්‍රිත වෙරළ
තීරයට බහුලව සාගරය ඔස්සේ පාවී එන බව තහවුරු වී ඇති බවත්, එම තත්ත්වය වළක්වා ලීම සඳහා නිශ්චිත වැඩ පිළීවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡා කරන බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

