දුම්රිය මැදිරි මෙරට නිෂ්පාදනය කිරීමට තීරණයක්....

Railway
By Thaya Feb 16, 2021 07:03 PM GMT
Thaya

Thaya

Report

විදේශීය රටවලින් දුම්රිය මැදිරි ගෙන්වීම වෙනුවට දේශීය වශයෙන් දුම්රිය මැදිරි 100 ක් අළුතින්ම නිෂ්පාදනය කිරිීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කොට ඇත. එම ක්‍රියාවලිය සදහා අවශ්‍ය ටෙන්ඩර් ක්‍රමවේදයන් මේ වනවිට සකස් කරමින් පවතින බව දුම්රිය සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. දේශීය වශයෙන් දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීමෙන් හා මේ වනවිට අබලන් දුම්රිය මැදිරි නවීකරණය කිරිමේ ක්‍රමවේදය තුළින් දුම්රිය දෙපාර්තුමේන්තුවට මගී අවශ්‍යතාවයට සදහා හොද සේවාවක් ඉදිරියේදී ලබාදීමට හැකිවනු ඇත.

මෙතෙක් දුම්රිය දෙපාර්තුමේන්තුව අබලන් වු දුම්රිය මැදිරි 200 ක් නවීකරණය කිරීම සදහා දේශීය සමාගමකට ලබා දී තිබුණි. මේ වනවිට එම සමාගම අබලන් දුම්රිය මැදිරි 188 ක් නවීකරණය කොට තිබේ. ඉතිරි දුම්රිය මැදිරි 12 ඉදිරි මාස හය ඇතුළත වැඩ නිමකොට ධාවනයට එක් කිරීමට නියමිතය . මීට අමතරව එම සමාගමටම තවත් අබලන් දුම්රිය මැදිරි සියයක් නවීකරණය කිරීම සදහා ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයිද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් පැවසුවේය