කොරෝනා මර්ධන වැඩපිළිවෙලේ තීන්දු තීරණවල ප්‍රමාදයක් – GMOA

Corona
By Thaya Jan 22, 2021 07:20 PM GMT
Thaya

Thaya

Report

මෙරට කොරෝනා මර්ධන වැඩපිළිවෙලට අදාල තීන්දු තීරණ ගැනීමේදී ප්‍රමාදයක් පවතින බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පී සී ආර් පරික්ෂණ සම්බන්ධයෙන් පැවති ප්‍රමාදය කොරෝනා එන්නත් සම්බන්ධයෙන් උද්ගත නොවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයන් පැනයාමේ සිද්ධීන් වැළැක්වීමට කඩිනම් විසදුමක් අවශ්‍ය බවද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා අවධාරණය කළා.