පස්සර බස් අනතුරෙන් මියගිය ගණන ඉහලට... අඩි 200ක ප්‍රපාතයට බසය පෙරිලිමේ සිද්ධියට අදල CCTV දර්ශනය

Accident
By Thaya Mar 20, 2021 07:29 PM GMT
Thaya

Thaya

Report

පස්සර බස් අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 15 ක්දක්වා ඉහලට ගොස් ඇති බව වාර්තා වේ. පස්සර 13 කණුව ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබුවන් සංඛ්‍යාව 32ක් බව පස්සර මුලික රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසනවා. ................................. පස්සර බස් රථ අනතුරෙන් 07ක් ජිවිතක්ෂයටපස්සර ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. අද පෙරවරු 7.15ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය පැවසුවේ.බස් රථය අඩි 200ක් පමණ ගැඹුර ප්‍රපාතයකට පෙරලි ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

---------------------------------- පස්සර 13 කණුව ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබුවන් සංඛ්‍යාව 32ක් බව පස්සර මුලික රෝහල පවවසනවා. --------------------------------- බදුල්ල - පස්සර බස් රථය අඩි 200ක ප්‍රපාතයට පෙරිලිමේ සිද්ධියට ඇදලා CCTV දර්ශනය නිකුත් වී තිබෙනවා.