වෙසල් ලක්ෂ 3යි - රේස් ලක්ෂ 2.5යි.. බදු සෙල්ලම නිසා වාහන මිල අහසට
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සියයට 2.5 කින් ඉහළ දැමීමත්, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වීමත් හේතුවෙන් මැයි 01 වැනිදා සිට ආනයනික වාහන මිල ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන් පවසයි.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්රසාද් මානගේ මහතා සඳහන් කරන්නේ, බදු ඉහළ යාම සහ විදේශ විනිමය අනුපාත වෙනස්වීම් හේතුවෙන් වෙළඳපොළේ ජනප්රිය වාහන මාදිලිවල මිල සැලකිය යුතු ලෙස ඉහළ යන බවයි.
ඔහු පෙන්වා දෙන්නේ, ජනප්රිය වාහන මාදිලි කිහිපයක මිල පහත පරිදි ඉහළ යා හැකි බවයි;
- Toyota Vezel – රු. 300,000 පමණ
- Toyota Raize – රු. 250,000 පමණ
- Suzuki Wagon R – රු. 150,000 පමණ
මෙම මිල ඉහළ යාම, දැනටමත් ඉහළ ජීවන වියදමකින් පීඩාවට පත්ව ඇති පාරිභෝගිකයින්ට අමතර බරක් වනු ඇති බවත්, එය වාහන වෙළඳපොළේ ඉල්ලුම තවදුරටත් පහත වැටීමට හේතු විය හැකි බවත් ආනයනකරුවෝ අනතුරු අඟවති.