මගහැරුණු රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ට එන්නත ලැබෙන දිනය මෙන්න.

Covid-19 Corona Vaccine Western Province
By Thaya Feb 18, 2021 07:48 PM GMT
Thaya

Thaya

Report

එන්නත්කරණ කටයුතු සිදුකරනු ලැබූ ප්‍රදේශවල එන්නත ලබා නොගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එළඹෙන සතිඅන්තයේ එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. මේ අතර කොවිඩ් එන්නත් ලබාදීමේ කටයුතු අද (18) දිනයේ දීත් සිදුකරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේය. තෝරාගත් ග්‍රාමසේවා වසම් සඳහා ඊයේ දිනයේ දී එන්නත්කරණය ආරම්භ කළ ද ස්ථාන කිහිපයක පමණක් ජනතා සහභාගීත්වයේ අඩුවක් පැවති බව ද මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඒ හේතුව මත අද දිනයේ දීත් වයස අවුරුදු 30 ත් - 60ත් අතර කණ්ඩයේ සියලුදෙනාට එන්නත් ලබාගත හැකි බව ද පැවසු අමාත්‍යවරයා කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන හා හංවැල්ල යන ප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, බණ්ඩාරගම, පානදුර, හොරණ හා මතුගම හා ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, මීරිගම, රාගම, ජා-ඇල, කැලණිය, කටාන දිවුලපිටිය හා දොම්පේ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ආවරණය වන පරිදි තෝරාගත් ග්‍රාමසේවා නිලධාරි වසම්වල එන්නත්කරණය සිදුකරන බවත් සඳහන් කළේය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“කෙටි දැනුම්දීමක් තුළ එන්නත්කරණ වැඩසටහන ආරම්භ වුණ නිසා රජයේ හා පෞද්ගලික සේවකයින්ට එන්නත්කරණය දියත් වුණ ප්‍රදේශවල මේ වැඩසටහනට සහභාගී වෙන්න නොහැකි වුණා. නිවාඩු ලබාගැනීමේ ප්‍රශ්න නිසා. ඒ නිසා අපි තීරණය කළා එළඹෙන සතිඅන්තයේ දී එන්නත්කරණ වැඩපිළිවෙල දියත් කරන්න. ඒ නිසා කලබලවෙන්න එපා. ඔබට එන්නත ලබාගන්න බැරි නම් සතිඅන්තයේ දී අපි ඒ අවස්ථාව සලසා දෙන්නම්. ඔබටත් ඒ සම අවස්ථාව ලැබෙනවා.“