මෙරටින් තවත් භයානක රෝගයත් මතුවෙයි...වයස් භේදයක් නැතිව පැතිරෙයි.

dangerous disease
By Thaya Mar 05, 2021 08:48 AM GMT
Report

උතුරුමැද පළාතේ ප්‍රදේශ ගණනාවක ටීනියා නම් දිලීර ආසාදනයක් හේතුවෙන් සමේ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් පවසනවා.

වැඩිදුරටත් ඇය කියා සිටියේ, දහදියත් සමඟ සිදුවන මෙම දිලීරය ආසාදනයේදී සම මතුපිට රතු පැහැ පැල්ලම් දක්නට ලැබෙන බවයි.

වයස් භේදයකින් තොරව ස්ත්‍රී, පුරුෂ ඕනෑම කෙනෙකුට මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි වෛද්‍ය හේමා වීරකෝන් කියා සිටියේ.