වයස අවුරුදු 46ක් වුවත් නිවුන් දරු සම්පත් ලබන්නට වාසනාව ලැබූ ජනප්‍රිය නිලි දමිතා අබේරත්න..(PHOTOS)

Actress Gossip Marriage life Damitha Abeyrathna Sulan Kirilli drama and movies
By Sewvandhi Feb 05, 2022 10:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කුඩා කාලයේ දී පටන් කලා කටයුතු ආරම්භ කරලා අද වෙනකොට සුවහසක් ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය ලබාගන්නට හිමි කම් කියූ අපූරු රංගන ශිල්පිනියක් තමයි දමිතා අබේරත්න කියලා කියන්නේ. ඉතින් ඇය ලංකාවේ ඉන්න ජනප්‍රිය සම්මානනීය චිත්‍රපට වගේම ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක්. වයස අවුරුදු අටක් පමණ කාලයේදී තමයි රංගනයට මුලින්ම එකතුවෙන්නේ.

“පස්සේ ගෙනා මනමාලී” කියන ටෙලි නාට්‍යයට රංගන දායකත්වය ලබා දෙමින් ආරම්භ කරපු ඇගේ රංගන ජීවිතය “සුලං කිරිල්ලී” චිත්‍රපටයේ විශිෂ්ඨ රංගනය හේතුවෙන් දේශීය වගේම ජාත්‍යන්තර වශයෙනුත් චිත්‍රපට උළෙලවල් වලදී සම්මාන රැසක් ලබා ගන්නට අවස්ථාව ලබාගන්නවා.

“සුළං කිරිල්ලි, ගාමණී, මහරජ ගැමුණු, ප්‍රවේගය, මන්දාකිණි, නිසල ගිර, එකමත් එක රටක, දකින දකින මල්, ස්තුතියි නැවත එන්න, බඹර වළල්ල, ඉර හද යට , සිංහාවලෝකනය, සමනල සන්ධ්වනිය, රූපාන්තරණ, ජූලි හතයි, උලත් එකයි පිලත් එකයි, මායා, ජය ශ්‍රී ඇමතිතුමා, සේද මාවත වැනි චිත්‍රපට විශාල ගණනාවක ඇය රංගනයෙන් දායක වෙලා තිබෙනවා.

ඒ වගේම ටෙලි නාට්‍ය බොහෝ ප්‍රමාණයකටත් දායකත්වය ලබා දීපු ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පියෙක් බවටත් පත් වෙනවා. ඉතින් ඇගේ ජීවිතයට මංගල කිංකිණි උදාවෙන්නේ ජීවිතයේ යම් කාලයක් ගියාට පස්සේ. ඇය විවාහ වෙන්නේ ලෙන්ලි ජොන්සන් යන අයත් සමග.

එමෙන්ම ඇයගේ බලාපොරොත්තුව බවට පත්වෙලා තිබෙන්නේ බොහෝ ඉක්මනින් දරු සුරතල් බලන්න කියලා තමයි ඇය යම් අවස්ථාවකදී සඳහන් කර තිබෙන්නේ. කුමන ගැහැනියකට වුවත් තිබෙන උතුම්ම බලාපොරොත්තුව වන මව් පදවිය වෙනුවෙන් ඇය බොහෝ කාලයක් පුරාවට බලාපොරොත්තු සහගතව සිටින කාරණාවක් ලෙස තමයි සඳහන් කරන්නේ.

දරුවන්ට බොහෝ ආදරය කරන චරිතයක් විදිහට ඇය ඇගේ බලාපොරොත්තුව සැබෑ වෙමින් ඇයට නිවුන් දරුවන් දෙදෙනෙක් ලැබීමට වාසනාව ලැබිලා තියෙනවා කියන කාරණාව මේ වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන කාරණාවක් බවට පත්වෙලා තිබෙනවා.

නමුත් ඇය මේ පිළිබඳව ස්ථිර වශයෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් මාධ්‍යයක් ඔස්සේ අනාවරණය කරල නැහැ. කොහොම නමුත් වයස අවුරුදු හතළිස් හයක් පමණ ගත වුණද දරු සුරතල් බලන්නට ඇයට වාසනාව ලැබී තිබෙනවා කියන කාරණාව තමයි සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස සඳහන් ඉදිරිපත් වෙන්නේ.

ඉතින් මේ අපූරු රංගන ශිල්පිනියගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන මොහොතේදී බොහෝම ආදරයෙන් සුබපැතුම් එකතු කරනවා නිරෝගී නිවුන් දරු සම්පත්තියක් ලබන්නට හැකි වේවායි කියලා.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha