රෝහල් මෝචරිය පිරෙයි..කොරෝනා මරණ වලට අලුත් මෝචරියක් හදයි..

covid19 habarana dabulla densil kobbakaduva hospital kakiraava
By Sewvandhi May 13, 2021 12:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දඹුල්ල හා අවට කොරොනා ව්‍යාප්තිය ඉහලට යෑමත් සමග දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලේ දෛනික මරණ ඉහල යෑමන් රොහලේ ගැටලු රැසක් ඇතිවී ඇති අතර එයට පිලියමක් ලෙසින් දඹුල්ල මහ නගර සභාවෙන් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලට තාවකාලික මෘත ශරිරාගාරයක් ඉදිකිරිමට කටයුතු සුදානම් කර ඇත. දඹුල්ල නගරාධිපතිවරයා සිය බලධාරින් සමග සාකච්චාවක්ද පවත්වා ඇත.

ඒඅනුව කොරෙනා වැලදි මිය යන රොගි මල සිරුරු හා ෙසසු මල සිරුරු වෙන් වෙන්ව තැබිමට මෙසේ හදිසියේ මෘතශරිරාගාරයක් ඉදිකරන බව පවසයි. දඹුල්ල පොලිස් බල ප්‍රදේශය පසුගිය අප්‍රේල් 30 වෙනිදා සිට මේ දක්වාම හුදකලා ප්‍රදේශ බවට පත්කර අතර දඹුල්ල ආර්ථිකය පසුගිය 26 වෙනිදා සිට වසා දැමු අතර පසුව දැඩි කොන්දේසි මත මේ මස 5වෙනිදා නැවැත විවෘත කරන ලදි.

දඹුල්ල නගර සීමාවෙන් දෛනිකව විශාල රෝගින් පිරිසක් හමු වන අතර ඔවුන්ව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෙහලේ ඇතිකල වකුගඩු ඒකකය භික්ෂු වාට්ටුව හා දැඩ්සත්කාර ඒකකවල ඇතිකර ඇති කොරොනා ප්‍රථිකාර ඒකකවල ප්‍රථිකාර ලබති.

දින දින හමුවන රොගින් ප්‍රමාණය ඉහල යන අතර මේවන විට දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ පදිංචි කරුවන් 404ක් හා දඹුල්ල ප්‍රදේශිය බල ප්‍රදේශයෙන් රෝගින් 200ක් සොයාගෙන ඇත.

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලින් අනුරාධපුර දිසාවේ කැකිරාව ගල්කිරියාගම මඩාටුගම පොලොන්නරුව දිසාවේ බකමුණ, හබරණ ප්‍රදේස්වල ජනතාවත් මාතලේ දිසාවේ ගලේවෙල පල්ලේපොල, නාවුල, ලග්ගල, ප්‍රදේශවල ජනතාව ප්‍රථිකර සදහා පැමිනෙති.

එය මාතලේ දිසාවේ මධ්‍යම පලාත් සභාව සතු ප්‍රධාන පෙලේ රොහලකි. රොහල් ධාරිතාව වැඩි කරන්න පසුගිය වසර කිපය පුරාම විවිධ උත්සහයන් ගත්තද එය ඉටු නොවු අතර පසුගිය රජය සමයේ ජර්මන් ආධාර යටතේ අංග සම්පුර්ණ රොහලක් සැදිමට දඹුල්ල රාජමහා විහාරයෙන් ඉඩමක් ලබා දන්නද මෙතෙක් එය ඉටු වි නැත.

– මහින්ද උදයසිරි දඹුල්ල


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now