දිස්ත්‍රික්ක 18කින් දෛනික කොවිඩ් ආසාදිතයින් 484ක්

Covid-19
By Thaya Jan 06, 2021 04:40 PM GMT
Report

කොවිඩ් -19 ආසාදිතයින් 484 දෙනෙකු ඊයේ (06) දිනය තුළ අලුතින් හඳුනාගෙන තිබේ.

ඉන් 05 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර 55 දෙනෙකු පදිංචි ස්ථානය නිශ්චිතව තහවුරු නොකළ පුද්ගලයින් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

සෙසු 424 දෙනාගෙන් 121 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය කොවිඩ් රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වී ඇති දිස්ත්‍රික්කය බවට පත්ව ඇත.

ආසාදිතයින් 110 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් 30 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 45,726 දෙනෙකු වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 38,262කි.

කොවිඩ් ආසාදිතයින් 7,247 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් -19 සමස්ත මරණ සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පහතින්,

කොළඹ - 121

ගම්පහ - 110

ගාල්ල - 30

කළුතර - 19

මහනුවර - 20

මාතර - 25

අම්පාර - 23

මාතලේ - 23

මඩකලපුව - 11

කෑගල්ල - 08

කුරුණෑගල - 07

පොළොන්නරුව - 06

යාපනය - 06

පුත්තලම - 05

බදුල්ල - 03

අනුරාධපුර - 03

හම්බන්තොට - 02

කිලිනොච්චිය - 02