ඩෑන් ප්‍රියසාද් වස්තිට එරෙහිව පොලීසී යයි - (වීඩියෝ)

daan priyasad wasthi production
By Sithumi May 08, 2021 10:06 AM GMT
Sithumi

Sithumi

Report

වස්ති YouTube නාලිකාවට එරෙහිව අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් මහතා පොලිස් මූලස්ථානය වෙත (08) පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අදාළ පැමිණිල්ල මඟින් ඔහු චෝදනා කරන්නේ වස්ති YouTube නාලිකාව මගින් ඉදිරියේදී ප්‍රචාරය කිරීමට නියමිත වීඩියෝවක් මගින් ඉතිහාසයේ එන රජවරුන්ට හා ත්‍රිවිධ හමුදාවට අපහාසයක් සිදුකර ඇති බවයි. අ

දාළ වීඩියෝවේ නිලමේ ඇදුම ඇඟලා ගත් පුද්ගලයෙකු ත්‍රිවිධ හමුදාවට අයත් ලාංඡන පැළද සිටින බවත් එමගින් හමුදාවේ ගරුත්වයට හානියක් සිදුකර ඇති බවත් ඩෑන් ප්‍රියාසාද් මහතා මාධ්‍ය අමතමින් සඳහන් කළා. එමෙන්ම දුටුගැමුණු, විහාරමහාදේවි වැනි ඓතිහාසික වීර චරිත අදාළ වීඩියෝව මඟින් හෑල්ලුවට ලක්කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙරට ක්‍රියාත්මක YouTube නාලිකා හරහා ජනමනස විකෘති කරමින් සිටින බවත් ඒවා නියාමනය කිරීමට කටයුතු කල යුතු බවත් ඩෑන් ප්‍රියසාද් මෙහිදී සදහන් කළා. කෙසේ වෙතත් අදාළ සිදුවීම පිළීබදව වස්ති Productions ආයතනයෙන් සිදුකල විමසීමේදී එහි සාමාජික අනුෂ්ක උදාන පැවසුවේ අදාළ වීඩියෝවෙන් කිසිදු පුද්ගලයෙකු හට අපහාසයක් සිදුකර නොමැති බවයි.

ඉදිරියේදී එළිදැක්වීමට නියමිත වීඩියෝවේ ඇත්තේ මන:කල්පිත පුද්ගලයෙකු වටා ඇති කතාවක් මිස ඔහු අඩුතරමේ රජෙකු හෝ නොවන බව ඔහු සඳහන් කළා.